2024 වන විට කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සදහා හුරු කරවීමේ ඉලක්කය සපුරා ගැනීමටත් කටයුතු මෙරටට කෘෂි බීජ ආනයනය නතර කර රටට අවශ්‍ය බීජ රටතුල නිපදවා ගැනීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියයි.
එමෙන්ම බහුජාතික සමාගම්වල බලපෑම්වලට හසුනොවී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කෘෂිකර්ම ක්ෂේත්රයේ ඉලක්ක සපුරා ගැනිමට කැපවී කටයතු කීරීම සියලු දෙනාගේම වගකීමක් බව ද අමාත්‍යවරයා කීය. මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර අල, ලූණු ආනයනය 35% ක් දක්වා අඩු කර ගැනීමටත්,පියවර ගන්නා බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.