කිලෝව රුපියල් 90 ගණනේ වී කිලෝ ලක්ෂ 50ක් ගත්තා

පසුගිය දින කිහිපය තුළ වී අලෙවි මණ්ඩල‍ය වී කිලෝවක් රුපියල් 90 බැගින් ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ 50ක් පමණ මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.දැනට සිදු කළ සමීක්ෂණ අනුව 30% ක පමණ වගා හානියක් මහ කන්නයේ සිදු වී ඇති අතර වගා හානි වූ වී ගොවින් සඳහා වන්දි ගෙවීමට අදාළ සැලසුම් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ‍ඉදිරිපත් කරන බව දඅමාත්‍යවරයා කියයි.

කාලීන පුවත්