බලශක්ති ශක්ති අමාත්‍යංශය මඟින් සැලසුම් කොට තිබූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව කල් දමා තිබේ.ඒ එම ක්‍රම දෙක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුම් දීම නිසාය. එබැවින් ඒ සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමර්ග පිළිබඳව අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.කිව්.ආර්. සංකේතය ක්‍රියාත්මක සඳහා ජංගම දුරකථන ඉන්ධන පිරවුම්හල්වලට ගෙන ගොස් ක්‍රියාත්මක කළ යුතු බවත් බවත් එහි ඇති අනතුරු දායක බව නිසා ඉන්ධන පිරවුම්හල්වල රක්ෂණ ආවරණ ඉවත්කරන බව අදාල රක්ෂණ සමාගම් දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි.