කිසිම ගීතයක් වාරණය කරන්නේ නෑ

ජනමාධ්‍ය අමාත්‍ය වරයා වශයෙන් තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.වීරසේන ගුණතිලක මහතා ගායනා කරන ”කොබෙයියනේ වරෙල්ලා ”ගීතය ද කිසිම වාරණයකට යටත් කර නොමැති බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.එම ගීතය වාරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.වැඩිදුරටත් අදහස් දැක් වූ ජනමාත්‍ය අමාත්‍යවරයා “ඉතිහාසයේ විටින් විට ගුවන්විදුලිය මගින් ගීත වාරණය කර තිබෙනවා. බුද්ධිමය දේපළ නීතිය පාලනය වන්නේ වෙළෙඳ අමාත්‍යංශය යටතේ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කර එම නීති සංශෝධනය කිරීමට අදාළ කටයුතු කරනවා” යනුවෙන් ද කීය.

කාලීන පුවත්