කිසිදු ජනතා කැමැත්තක් නැති ශ්රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට කිසිදු අයුරකින් අභියෝගයක් නොවන අතර නව රජයක් වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවීමට සියලු පක්ෂ වෙත විවෘතව ආරාධනා කරන බව හිටපු ජනාධිපති ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති, මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කළේය.ඒ ඊයේ (31දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ය.තම පක්ෂයේ ප්රතිපත්තිවලට සමීපව කටයුතු කරන සහෝදර වාමාංශික දේශපාලන පක්ෂවලට සහ එහි නායකයන්ට, මන්ත්රීවරුන්ට ඒ සඳහා දැනටමත් ආරාධනා කර ඇතැයි ද මෛත්රීපාල සිරිසේන මහතා කීය.