කුඩා “තේ කඩ” වැසී යාමේ අවදානමක්

ඊයේ(26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කුඩා ප්‍රමාණයේ ආපනශාලා වැසී යාමේ අවදානමක් පැන නැඟී තිබේ.දැනට ආහාර පාන සඳහා නියම කළ යුතු මිල ගණන් අනුව කෙටි කෑමක් සමඟ ප්ලේන් ටී එකක් රුපියල් පනහක් වැනි මුදලකට ලබා ගැනීමට තිබූ අවස්ථාව මේ වන විට මුලුමනින්ම පාහේ අහිමිව ඇතැයි කුඩා ආපන ශාලා හිමියෝ පවසති.එමෙන්ම එළඹ ඇති තත්වය යටතේ රටේ සාමාන්‍ය ජනතාව පිටතින් ආහාර පාන ලබා ගැනීම සීමා කොට ඇති බැවින් තමන්ට තව දුරටත් එම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බව එම කුඩා ආපන ශාලා හිමියෝ පෙන්වා දෙති.ඒ අතර එම අර්බුදයට විසඳුම් වශයෙන් අලෙවි කරන ආහාරවල මිල තීරණය කිරීමේ අයිතිය එම ආපනශාලා හිමිකරුවන්ට ලබාදෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් තේ, කිරි තේ, බත්, කොත්තු, ආප්ප, පරාටා, රොටී සහ ක්ෂණික ආහාර ඇතුළු සියලු ආහාරවල මිල ඉහළ යනු ඇති බවයි.

 

කාලීන පුවත්