කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීම 01 වැනිදා සිට

කුලී  රථ සඳහා මනු(මීටර්)සවිකිරීමේ වැඩපිළිවෙල ලබන මස 01 වැනිදා සිට ආරම්භ කරන බවි මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි. මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ විධිවිධානප්‍රකාරව කුලී රථ මනු ආනයනය නිෂ්පාදනය හෝ විකිණීමට පෙර භාවිතයට සුදුසු බවට දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ. එවැනි අනුමැතිය ලබාගත් වෙළඳ ආයතනවලට පමණක් මනු විකිණීමට සහ සවිකිරීමට අවසර ලැබෙන බව එම දෙපාර්තමේන්තවේ අධ්‍යක්‍ෂ එස්.එන්. අකුරන්තිලක මහතා කියා සිටියි. එසේ නොවන වෙළඳ ආයතනවලින් කුලී රථවලට මනු මිලදී නොගන්නා ලෙස ද ඉල්ලීමක් කෙරේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කුලී රථ මනු පරීක්‍ෂා කිරීමට ජංගම සේවා මධ්‍යස්ථාන පිහිටු වනු ලැබේ. අනුමත කුලී රථ මනු සඳහා විශේෂ ස්ටිකරයක් අලවන අතර එම වැඩපිළිවෙලේ මූලික අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

කාලීන පුවත්