කෘත්‍රිම බුද්ධිය පන්ති කාමරයට

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සඳහා වන නියමු ව්‍යාපෘතිය මයිකොසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා, තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සම්බන්ධයෙන් 2023.10.02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී කෘත්‍රිම බුද්ධියට අදාළව ජාතික උපාය මාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන්ට අනුගතව යෝජිත පාඨමාලා හඳුන්වා දිම සුදුසු බවට තීරණය කරන ලදී.ඒ අනුව, අදාළ උපායමාර්ග සැලැස්මේ එක් අංගයක් වශයෙන් සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වා දීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කාලීන පුවත්