කෘෂිකර්මාන්තයට දෙන ජලයටත් බිල්පතක්

ජල කළමණාකරණය කරන මුවාවෙන් කෘෂිකර්මාන්තයට ලබාදෙන ජල ප්‍රමාණයට මිලක් නියම කිරීමේ යාන්ත්‍රණයක් සැකසීමට රජය සූදානම් වන බවට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ චෝදනා කරයි.

විදුලිබිල ඉහළ දැමීමට ආණ්ඩුවේ බහුතරයක් අකමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ප්‍රකාශ කරයි.

කොළඹ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විදුලිය බිල ඉහළ දැමීමේදී යම් සහනයක් ජනතාවට ලබාදිය යුතු බවයි.

කෙසේ වෙතත් තුන්වන වරටත් මෙම වසරේදී විදුලිබිල සංශෝධනය කළහොත් එය ලබන වසරේ මාර්තු දක්වා නොවෙනස්ව පවතින බව ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියි.

කාලීන පුවත්