කොච්චර ඔළු ගෙඩි එකතු වුණත් ජනතාවගේ සැබෑ එකතුව ඇත්තේ ජාතික ජන බලවේගය සමඟයි

කොච්චර ඔළු ගෙඩි එකතු වුණත් ජනතාවගේ එකතුව ඇත්තේ ජාතික ජන බලවේගය සමඟ බව එහි නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.දැන් රටට අවශ්‍ය වන්නේ පැරණි මුහුණු නොව අලුත් මුහුණු වන අතර රට ගැන අවංකභාවය තිබෙන වැඩපිළිවෙලක් තියෙන දක්ෂ අදුෂිත කණ්ඩායමක් අවශ්‍ය බවත් එම කණ්ඩායම සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් දිසානායක මහතා කියා සිටියි.අනුර දිසානායක මහතා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (16) මීරිගම කඳන්ගමුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී රාමඤ්ඤ මහ නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල නාහිමි බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කාලීන පුවත්