කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් මණ්ඩල තීරණයක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයන් ඇතුලත් කරගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සන්නද්ධ සේවාවන්හි සේවා අවශ්‍යතාවය මත මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භකර ඇති අතර දැනට දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට කැඩෙට් නිළධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම මත පමණක් මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලැබී තිබුණි.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුගමනය කරනු ලබන z අගයට අමතරව තවත් නිර්ණායක කිහිපයක් අනුගමනය කරමින් ගෙවීමේ පදනම මත වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍යවේදය උපාධිය හැදෑරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත සිසුන් බඳවාගැනීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කාලීන පුවත්