.කොරෝනා මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද ඉල්ලා අස්වී තිබේ.විවිධ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විද්‍යාත්මක පදනමකින් තොරව එන්නත්කරණය පිළිබඳව ගන්නා තීන්දුවට විරෝධය පළ කිරීම වශයෙන් තමන් (09)ඊයේ එම කමිටු සාමාජිකත්වය ඉල්ලා අස් වූ බව ඔහු සඳහන් කරයි.එම කමිටුවට තමන්ගෙන් සෙතක් වේයැයි නොසිතුණ හෙයින් ඉල්ලා අස් වූ බව පැවැසූ ඒ මහතා නිර්වින්දන සංගමයේ සභාපතිවරයා ලෙසත් තමන් එම කමිටුවට සම්බන්ධ වී වසර එක හමාරක කාලයක් නොකඩවා කටයුතු කළ බවද පැවසීය.