කොවිඩ් අවදානම මැද නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි

මෙවර නත්තල් සමයේ නුවර එළිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දේශීය සහ විදේශීය සංචාරකයන්ගෙන් පිරී පවතින බව වාර්තා වෙයි. නමුත් ඉහළ යමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල දී විනෝද වීම සදහා නුවරඑළිය නගරයට හා අවට ප්‍රදේශවලට පැමිණීමෙන් හැකිතාක් වැලකී සිටින ලෙස දිස්ත්‍රික් කොවිඩ් මර්දන ඒකකයේ ප්‍රධානි හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා දැනුම් දී තිබේ..
සංචරණ සීමා පැනවීමක් සිදු නොකළ ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අනතුරු ඇගවීම් පිළිබඳ අවධානය යොමු කර සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින ලෙස ඔහු ඉල්ලීමක් කර ඇත.

කාලීන පුවත්