කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතල ප්‍රභේදයක් නොවේ යැයි ඇතැම් පිරිස් තුළ පවතින විශ්වාසය වැරදි සහගත බවත්,ඔමික්‍රෝන් ප්‍රභේදය වැළදුණු කොරෝනා රෝගීන් රැසක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටී.ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වු රෝගියෙකුට නැවතත් එම ප්‍රභේදය කිහිප වතාවක්ම ආසාදනය වීමේ හැකියාව ද පවතී. ප්‍රතිශක්තිකරණය නොමැති පුද්ගලයින් මෙන්ම විවිධ සංකුලතා සහිත රෝගීන්ට ඔමික්‍රෝන් ආසාදනයෙන් දැඩි අවදානම් තත්ත්වයක් උදාවෙයි. එන්නත්කරණයෙන් ප්‍රතිශක්තිකරණය ඉහළ දැමමීක් සිදුවන බැවින් කඩිනමින් කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්නැයි වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.