කොවිඩ් වලින් මිදෙන්න ඉන්දියාව “පටි තද කර ගනියි”

නැවත ගෝලීය වසංගතයක් වශයෙන් කොවිඩ් පැතිර යාමේ අවදානම හේතුවෙන් කොවිඞ් ආසාදිතයින් සිය රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා වන කොවිඞ් අන පනත් නැවතත් බල ගැන්වීමට ඉන්දියාව තීරණය කර තිබේ.ඒ අනුව චීනය, හොං කොං, ජපානය, දකුණු කොරියාව, සිංගප්පුරුව සහ තායිලන්තය වැනි රටවලින් පැමිණෙන පුද්ගලයින් එළඹෙන ඉරිදා සිට කොවිඞ් ආසාදිත නොවන බවට සහතිකයක් ඉදිරිපත් කළ යුතු වෙයි.එරට සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රටවලින් ඉන්දියාවට පැමිණෙන මගීන් පිටත්වීමට පෙර අදාළ පරීක්ෂණ වාර්තාව ඉන්දීය රජයේ වෙබ් අඩවියකට යොමුකළ යුතු බවකි

කාලීන පුවත්