කොවිඩ් නිව්මෝනියා සංකුලතා හේතුවෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි තරින්දි දිල්ෂිකා විතානගේ නම් වෛද්‍යවරියක් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක වන අතර ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක බව පැවසෙයි.
අගෝස්තු මස 23වෙනිදා ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකින් පරික්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇත.පසුව එම වෛද්‍යවරිය ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක කොවිඩ් අතර මැදි මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගී තත්වය උත්සන්නවිම හේතුවෙන් පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව සඳහන්ය.පසුව හටගත් නියුමෝනියා තත්වයක් හේතුවෙන් එම වෛද්‍යවරිය ඉකුත් සැප්තැම්බර් මස 02 වැනි දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන් ස්වසනය ලබාදීම සදහා කරාපිටිය රෝහලට රැගෙන විත් තිබේ.එම යන්ත්‍රයට සම්බන්ධ කිරීමෙන් දින විස්සකට පසු ඉකුත් 22 වැනි දින පස්වරුවේ දී මෙම වෛද්‍යවරිය මියගොස් ඇත.