ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්රභේදවල සංයෝග වීමෙන් කොවිඩ් 19 භයානක “සුනාමියක්” ඇති වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසස් “සුනාමි” යන වදනින්ම ප්‍රකාශ කරනුයේ එක්සත් ජනපදය සහ යුරෝපා රටවල කොරෝනා රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාම හේතු කර ගනිමිනි.
මේ අතර ප්‍රංශයෙන් දෙවැනි දිනටත් දෛනිකව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. එය රෝගීන් දෙලක්ෂ අට දහසකි. මෙම සංඛ්‍යාව දෛනිකව එරටින් වාර්තා වු වැඩිම රෝගීන්ගේ අගයයි.
ඇමරිකාවෙන් පසුගිය සතිය තුළ දෛනිකව කොරෝනා රෝගීන් දෙලක්ෂ හැටපන් දහස ඉක්මවු සංඛ්‍යාවක් ද වාර්තා වී ඇත. ඩෙන්මාර්කය , පෘතුගාලය , බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.