පවතින වැසි සහිත කාලගුණයත් සමඟ කොළඹ – බදුල්ල ප්රධාන මාර්ගයේ බලන්ගොඩ බෙලිහුල්ඔය සහ ඕපනායක අතර කොටසේ පවතින ලිස්සන සුළු තත්ත්වය නිසා රිය පැදවීමේදී කල්පනාකාරී වන ලෙස බලංගොඩ පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ.
පොලීසිය සඳහන් කළේ දහවල් කාලයේ බලංගොඩ බල ප්රදේශයට ලැබෙන අධික වර්ෂාව මෙන්ම රාත්රී සහ අලුයම් කාලයේ මාර්ගයේ ඇති තෙතමන තත්ත්වය හේතුවෙන් වංගු සහිත කඳු බෑවුම් ස්ථානවලදී වාහන අනතුරට ලක්වීමේ අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙන බවට නිරීක්ෂණය වන බවයි.
රිය අනතුරු වළක්වා ගැනීම සඳහා වේගය පාලනයකින් යුතුව රිය පදවන ලෙසත්, මීදුම් සහිත තත්ත්වයවලදී වාහනවල විදුලි ලාම්පු දල්වා රිය ධාවනය කරන ලෙසත් පොලීසිය රියදුරන්ට දැනුම්දී තිබේ.