කොළඹට උවමනා එළවළු පාදුක්කේ වවන සැලසුමක්

කොළඹට අවශ්‍ය එළවළු කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පාදුක්ක මිරියගල්ල ගම්මානයේ වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.මෙම ව්‍යාපෘතිය සඳහා මිරියගල්ල ගමේ ගොවීන් තිස් දෙනෙක් මේ වනවිටත් පළමු අදියර එළවළු වගාව සඳහා තෝරා ගෙන තිබේ. මේ යටතේ අක්කර 250ක එළවළු වගා කිරීමට නියමිතය.මිරිගයගල්ල ගමේ ගොවින්ට එළවළු වගාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සපයන අතර පොලි ටනල් තුළ වගාව සඳහා එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 05ක් බැගින් මුල්‍ය සහනාධාර ද ලබා දීමට පියවර ගෙන ඇත.කොළඹට දඹුල්ල, තඹුත්තේගම වැනි ආර්ථික මධ්‍යස්ථානවල සිට එළවළු හා පලතුරු ප්‍රවාහනයේ දී සිදුවන නාස්තිය, ප්‍රවාහන වියදම් ඉහළයාම හා නාඩිකරුවන් නැමැති අතරමැදියන් පිරිසක් විසින් එල්ල කරන දැඩි බලපෑම නිසා සෑම එළවළුවක් සඳහාම පාරොභොගිකයන්ට වැඩිම මිලක් ගෙවීමට සිදුවීම නිසා මෙම පියවර ගෙන තිබේ.

කාලීන පුවත්