කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද (12) රාත්‍රියේත් වීථි සංචාරය කිරීමට නියමිතයි.
මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැරට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
මෙවර පෙරහැර පැවැත්වෙන්නේ, 46 වැනි වරටයි.
ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ පෙරහැර රාත්‍රී 7.00 ට වීථි සංචාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.