ගම හරහා දුවන්න ගිහින් තාප ආඝාතයෙන් මරුට

සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති ගම හරහා දිවීමේ තරඟයකට සහභාගී වූ 27 හැවිරිදි අයකු තාප ආඝාතයට(Heat stroke ) ලක් වී හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යෑමේ සිද්ධියක් වාර්තා වෙයි.මෙලෙස මියගොස් ඇත්තේ බිංගිරිය, හිරුවල්පොල දොර ප්‍රදේශයේ වික්‍රම ආරච්චිලාගේ හිරාන් තාරුක නමැති එක් දරු පියෙකි. හලාවත නාගරික හදිසි මරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ මහතා හමුවේ මරණ පරීක්ෂණය පැවැත්වූ අතර හලාවත රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එල්.ආර්. වර්ණකුලසූරිය මහතා මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. තාප ආඝාතය නිසා ඇතිවූ බහු විධ අවයව පද්ධතිය අක්‍රිය වීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.මේ දිනවල පවතින අධික හිරු රශ්මිය නිසා නිතර ජලය පානය කරන ලෙසත් මෙවැනි තරඟ සංවිධානය කිරීමේදී සංවිධායකවරුන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් මරණ පරීක්ෂකවරයා මෙහිදී කියා සිටියේය.

කාලීන පුවත්