පාස්කු ප්‍රහාරය මේ මහ මැතිවරණයේත් ප්‍රධාන ප්රශ්නය බවට පත් වෙන ලකුණු පහළ වෙමින් තිබේ.මීට පෙර එය මැතිවරණ දෙකක ද ප්‍රධානම මාතෘකාව බවට පත් ව තිබුණි.ඒ 2019 ජනාධිපතිවරණයේ හා 2020 මහ මැතිවරණයේදී ය. එසේ වුව ද 2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ හොරු ඇල්ලීම ය.මේ මහ මැතිවරණයේ දී දේශපාලනික වශයෙන් යන එන මං නැතිව නන්නත්තාර වී සිටි උදය ගම්මන්පිලට කවුදෝ දුන් වාර්තා පිටපත් දෙකක් නිසා යළිත් වටයකින් පාස්කු ප්‍රහාරය ඡන්ද වේදිකාවට ගොඩ වී ඇත මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කළ මුල්ම පත්වීම් කීපය අතර.මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ ලේකම් ලෙස රවි සෙනවිරත්න ට දුන් පත්වීම ද විය.රවි සෙනවිරත්න ඒ වනවිට ද රාජ්‍ය සේවයෙන් විශ්‍රම ලබා සිටි අයෙකි. සාමාන්‍යයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේ දී රාජ්‍ය සේවයේ නිරතව සිටින අයව ඊට පත්කරන අතර එසේ පත් කළ අය වයස හැට සම්පූර්ණ වන අවස්ථාවේ දී ලේකම් ධුරයෙන්ද විශ්‍රාම යා යුතු ය.විශ්‍රාමිකයන් සාමාන්‍යයෙන් ලේකම්වරුන් ලෙස පත්කරන්නේ එම අය ජනාධිපතිවරයාගේ සමීපතමයන් නම් පමණි.ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වුණේ ඔහු එවක ජනාධිපතිගේ සහෝදරයා නිසා ය.විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වුණේ ගෝඨාභය රජපක්ෂගේ සමීපතමයෙකු නිසා ය.එපරිද්දෙන්ම අනුර දිසානායක ජනාධිපති වරයා විසින් විශ්‍රාමික එයර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස හා විශ්‍රමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරන්නට ඇත්තේ ද ඔවුන් දෙදෙනාම ඔහුගේ සමීපතම විශ්වාසවන්තයන් නිසා විය යුතු ය.
ඒ මදිවාට පොලිස් සේවයේ දක්ෂ විමර්ශකයෙකු ලෙස නම් දරා සිටි ඒ නිසාම ගෝඨාභයගේ නිර්දය හිරිහැර වලට පාත්රවී අයුක්ති සහගත ලෙස හිරේ විලංගුවේ පවා වැටී විශ්‍රම ගොස් සිටි තමන්ට දේශපාලනිකවත් උපකාර කළ පොලිස් අධිකාරී ශානි අබේසේකරව යළිත් පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට ද ආණ්ඩුව තීරණය කොට තිබේ. ජනාධිපතිවරයා ලෙස තමන් විසින් රාජ්‍ය පාලනයේ වගකිව යුතු තනතුරුවලට විශ්‍රාමික වුණත් විශ්වාසවන්ත අය; ජනප්‍රිය අව වහරකට අනුව කීවොත් “ෂුවර් අස්සයන්” තෝරා ගැනීමට පියවර ගැනීම ගැන කිසිදු දොසක් කිව නොහැක හීන් දුකක් ඇත්තේ ජාතික ජන බලවේගය හැදූ කාලයේ සිටම ඒකට උර දුන් රැස්වීම්වල කතා කළ අභිමානවත් ස්වරූපයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත් වූ මගේ මිත්‍ර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ඇත්තන් බොහෝ දෙනාගෙන් එක අයෙකුවත් ජනාධිපතිගේ සමීපතම විශ්වාසවන්තයන් ගොඩට නොවැටීම ගැන විතර ය. ඒ ඔවුන් ආණ්ඩුව නම් හොද්දේ රම්පේ කරපිංචා ගාණට වැටී ඇති නිසා දැයි විමසීමට තවම කල් වැඩි ය.නමුත් මගේ ඒ සහෘදයන් හා ඔවුන් ගේ ඒ දුක බෙදා හදා ගැනීමට මම ද එක් වෙමි.
උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රී වරයාගේ පූරුවේ වාසනාවට දෝ මේ මහ මැතිවරණයේ දී රට ඉදිරියට ගෙනියන්නට අපූරු කතාවක් ඔහුට කවුරුන් දෝ පාර්සල් කර එවා තිබේ.ඒ පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටු දෙකක වාර්තාවේ පිටපතකි.ඔහු කියන්නේ කවුදෝ තැපැලෙන් පාර්සල් කර මේ වාර්තා දෙක එවා තිබුණු බවයි.ඒ අනුව ඒ කවුරුන් වුණත් ඔහු ගම්මන්පිල ගේ “ඉටු දෙවියකු” වීමට ද පුළුවන. කලකට ඉහතදී ඔය කිරුලපන සාවියේ පන්සලක හාමුදුරු නමක් හවස විහාරමලුවේ සක්මන් කරන විට හුරු බුහුටි අලි පැටවෙකු හොඬය වන වනා තමන් වහන්සේ ළඟට දිව ආ බවත් ඉන්පසු තමන් වහන්සේ සත්ව කරුණාවෙන් යුක්තව අතරමංව සිටි අහිංසක අලිපැටියා මහ පාරට නොදමා හදා වඩා ගත් බවත් මධුර මනෝහර ස්වරයෙන් විස්තර කරන විට සාදුකාර දී පිළිගත් අපේ ජනතාව ඔය වාර්තා දෙක තැපෑලෙන් එවීමේ කතාව ගැන කිසිදු සැකයක් නොසිතන බව ගම්මන්පිලට වුණත් තේරුණා වන්නට පුලුවන.ඒ කොහොම වුණත් වාර්තා දෙකෙන් ප්‍රයෝජනයක් ගන්නට ඔහුට කල්පනා වීමත් සාධාරණ ය.ගම්මන්පිල කළේ මේ වාර්තා දෙක කියවා තමන්ට ප්‍රයෝජනවත් කෑල්ල තදින් මිට මොළවා ගැනීම ය.ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුර කලින් දැනුවත් වූ රවි සෙනවිරත්නගෙන් සිදු වූ නොසැලකිල්ලක් හා සහරන්ලා ගේ පූර්ව ක්‍රියාවන් ගැන පරීක්ෂණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකරගෙන් සිදුවූ අඩුපාඩු ගැන මේ කමිටු වාර්තා මඟින් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කර තිබීම ය.ඒ සමඟම තවත් නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව එමඟින් නිර්දේශ වී ඇතත් ගම්මන්පිලගේ මේ වැඩේට ඒවා වැදගත් වුණේ නැත.මෙදා පාර මහ මැතිවරණයේ දී ඔහුට හැප්පෙන්න ඇත්තේ අනුර දිසානායකගේ ආණ්ඩුවත් එක්ක ය.අනුර දිසානායකගේ ආණ්ඩුවේ විශේෂ පත්වීම් වූ රවි සෙනවිරත්නටත් ශානි අබේසේකරටත් එරෙහිව මේ වාර්තා යොදා ගෙන මේ ආණ්ඩුවට එරෙහි ප්‍රබලම ප්‍රතිවාදියා තමන් බව ජනතාවට පෙන්වීම ගම්මන්පිලගේ අරමුණ වූවාට සැක නැත.ඒ අනුව ඔහු ගේ ඒ උප්පරවැට්ටියට අනුර කුමාරලා බිලි වේද? යන්න සම්බන්ධ සමාජ කතිකාවක් ද ගොඩ නැඟී තිබේ.
ගම්මන්පිල මේ කාරණයට ඔහු යොදා ගත්තේ පැරණි උපායකි.ඒ මුලින්ම මේ වාර්තා දෙක වත්මන් ආණ්ඩුවෙන් හංගාගෙන ඉන්නවා යැයි මතයක් සමාජ ගත කිරීම ය.ඉන් පසු හංගා ගෙන නැත්නම් ප්‍රසිද්ධ කරනු කියා අභියෝග කිරීම ය .අනතුරුව නොකොළොත් තමන් වාර්තාව ප්‍රසිද්ධ කරන බව කීම ය.අන්තිමේ රටේම ආන්දෝලනයක් හදා වාර්තාවේ තියෙන මේ රවි සෙනවිරත්න හා ශානි ගැන කතාව ප්‍රසිද්ධ කර විරුද්ධ පාක්ෂිකයින් අතර ආණ්ඩුව අඤ්ඥ කොරොස් කරපු වීරයා බවට පත්ව ඡන්දයට මුහුණ දීම ය.මේ සැලැස්ම යොදාගෙන එළි දැක්වූ කතාවක් ප්‍රේමදාස යුගයේ ද තිබුණි.ඒ දේශපාලන කතාවක් නොව ඉතිහාස හා පුරාවිද්‍යා කතාවකි. ඒ සුප්‍රකට වල්ලිපුරම් රන් පතේ කතාවයි
උතුරේ යාපන අර්ධද්වීපයේ වල්ලිපුරම් ගමේ විෂ්ණු කෝවිලේ භාරකරුව සිටි අයෙක් 1930 ගණන්වල මුලදී දේවාලයේ ගොඩනැගිල්ලක් තැනීමට අතිවාරම් කපද්දී පැරණි අකුරු සහිත රන් පත් ඉරුවක් හා නිදන් වස්තු කීපයක් සොයා ගත්තේ ය. මේ රන් පත් ඉරුවේ ඇත්තේ විශාල නිධනයක විස්තරයැයි කල්පනා කළ දේවාල භාරකරු එම රන්පත තම සමීප ඥාතියෙකු වූ තංගරාජා නම් අයෙකු භාරයට පත්කළේ ය.
උතුරේ යාපන අර්ධද්වීපයේ වල්ලිපුරම් ගමේ විෂ්ණු කෝවිලේ භාරකරුව සිටි අයෙක් 1930 ගණන්වල මුලදී දේවාලයේ ගොඩනැගිල්ලක් තැනීමට අතිවාරම් කපද්දී පැරණි අකුරු සහිත රන් පත් ඉරුවක් හා නිදන් වස්තු කීපයක් සොයා ගත්තේ ය. මේ රන් පත් ඉරුවේ ඇත්තේ විශාල නිධනයක විස්තරයැයි කල්පනා කළ දේවාල භාරකරු එම රන්පත තම සමීප ඥාතියෙකු වූ තංගරාජා නම් අයෙකු භාරයට පත්කළේ ය.මේ තංගරාජා සුප්‍රකට වල්පොල රාහුල හීමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරද්දී උන්වහන්සේ ගේ අනුග්‍රාහකයා විය. උන්වහන්සේ එවක නේවාසිකව වැඩ සිටියේ ද නුගේගොඩ උඩහමුල්ලේ තංගරාජා විසින් කුලියට ගෙන තිබූ නිවසක ය.දිනක් තංගරාජා ඉහත රන්පත රාහුල හිමියන්ට පෙන්වා එහි ලියා ඇති දේ තේරුම් කර දෙන ලෙස ඉල්ලා සිටියේය.එහි උන් වහන්සේට කියැවිය නොහැකි අකුරු එහි තිබුණු නිසා සිය මිත්‍රයෙකු වූ පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතානයන්ට එම රන්පත පෙන්වන ලදී. පරණවිතානයන් එම ලිපිය කිසිදු ආයාසයකින් තොරව කියවා රාහුල හිමියන්ට තේරුම් කළේ එය විහාරයක් කරවීම පිළිබඳ වැදගත් ලිපියක් බව ය. එහි ඡායාරූපයක් ගැනීමට හා වැඩිදුර අධ්‍යයනයට කීප දිනක් පරණවිතානයන් භාරයේ තැබූ අතර මේ රන්පත් ඉරුව පිළිබඳ පූර්ණ විග්‍රහයක් සමග එහි ඡායාරූපයක් ද ලංකා ශිලාලේඛන සංග්‍රහයට එක් කිරීමට පරණවිතානයෝ කටයුතු කළහ.එදා මෙදා තුර මෙරට හමුවූ පැරණිම රන් පත වූ මෙය වසභ රජ සමයේ( ක්‍රිස්තුවර්ෂ 126-170අතර කාලයට)උතුරේ ඉදි කළ විහාරයක් ගැන කියවෙන අතිශය වටිනා ජාතික වස්තුවක් බව වාර්තා වලට එක් වූයේ එදා ය.අද පවා ලංකාවේ ආණ්ඩුවෙන් කරන ව්‍යාපෘතිවල විවෘත කිරීමේ පලකය හදන්නේ ඔය රන්පත් ඉරුවේ ඇති වචන රටාවට අනුව ය මේ රන්පත යළි තංගරාජා වෙත භාරදීමට රාහුල හිමියන් වෙත ආපසු දුන් පරණවිතානයන් ඉතා වැදගත් මේ ජාතික වස්තුව රුපියල් 500/=ගෙවා රජය භාරයට ගැනීමට කැමති බව පැවසුවත් තංගරාජා ඊට කැමති වූයේ නැත.රන්පත තංගරාජා විසින් රැගෙන යන ලදී 1936දී සිදු වූ මේ සිද්ධියෙන් .
පසු මේ රන්පත් ඉරුවට සිදුවූ දේ රාහුල හිමියන් දැන ගත්තේ 1990 දී පමණ ය.ඒ වනවිට ලන්ඩන් පදිංචිව සිටි රාහුල හිමියන්ට එහිම පදිංචිව සිටි තංගරාජා ගේ බාල පුතනුවන් වූ කමල කුමාරන් විසින් මේ රන්පත බාරදෙනු ලදුව රාහුල හිමියන් විසින් ලන්ඩනයේ බැංකුවක සුරක්ෂිතාගාරයේ එය තැන්පත් කරන ලදී.පසුව මේ වටිනා ජාතික වස්තුව ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කිරීමට තීරණය කළ රාහුල හිමියෝ මෙය එතෙක් ආරක්ෂා කළ කමල කුමාරන්ට සුදුසු මූල්‍ය පරිත්‍යාගයක් කරන ලෙසට එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගෙන් ඉල්ලා සිටියේ ය .රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයා මීට එකඟව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා අතරම වල්ලිපුරම් රන්පත ගැන ජනතා අවධානය ගැනීමේ මෙහෙයුමක් ද ඇරඹීය. රටේ ප්රවෘත්ති පත්‍ර හරහා වල්ලිපුරම් රන්පත අතුරුදහන් යැයි ප්රවෘත්ති පළවන්නට වූයේ එහි මුල් පියවර ලෙසට ය.ඉතාම වටිනා ඓතිහාසික ලේඛනයක් වූ මේ රන්පත ගැන ලංකා ශිලා ලෙඛන සංග්‍රහයේ වාර්තා වුණ ද මෙයට වූ දෙය දන්නා කෙනෙක් නොවීය. සතියක් දෙකක් පුවත්පත් හරහා වල්ලිපුරම් රන්පත ගැන ප්රවෘත්ති ලිපි පළවත්ම මුලුරටම මේ ජාතික වස්තුව ගන අවධානය යොමු කරන ලදී.ජනාධිපතිවරයා ඒ අතර මේ වටිනා ජාතික වස්තුව සතු කෙනෙක් ඇත්නම් රජයට එය ලබාදෙන ලෙසට ඉල්ලීමක් ද කළේ ය එසේ මුලු රටම වල්ලිපුරම් රන්පත සොයද්දී රාහුල හිමියෝ රන්පත තමා භාරයේ ඇති බවත් එය ජනාධිපතිවරයා මගින් ජාතියට පරිත්‍යාග කිරීමට තීරණය කළ බවත් ප්‍රකාශ කළහ .එසේ වල්ලිපුරම් රන්පත “සොයා ගත්” රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයා ගැන ද වල්පොල රාහුල හිමියන් ගැන ද රන්පත ගැන ද මුලු රටේම අවධානය යොමු විය.. අවසානයේ 1991පෙබරවාරි 03 වනදින උත්සව ශ්‍රීයෙන් වල්ලිපුරම් රන්පත ජාතිය සතුවුණේ මුලු රටේම අවධානය යොමුවී තිබියදී ය.මේ සමස්ත මෙහෙයුමම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සැලැස්මට අනුව සිදුවූයේ එසේ ය.
ඒ වල්ලිපුරම් රන්පත ජනගත කිරීමේ සැලැස්ම බඳු සැලැස්මක් ගම්මන්පිල ක්‍රියාත්මක කරමින් සිටියි.මුලින්ම ගම්මන්පිල මේ වාර්තා දෙක හංගාගෙන ඇතැයි ආණ්ඩුවට චෝදනා කරද්දී ආණ්ඩුව එය ගණන් ගත්තේ නැත. ඊළඟට මෙය හැකි නම් ප්‍රසිද්ධ කරන්න යැයි ගම්මන්පිල කියද්දී අමාත්‍ය විජිත හේරත් අවශ්‍ය වෙලාවට එය ප්‍රසිද්ධ කරන බව කියා ගම්මන්පිලට කෝචොක් පාරක් දැම්මේය.එහෙත් ඒ අවශ්‍ය වෙලාව කුමක් ද?එය කාට අවශ්‍ය වෙලාවක් ද යන්න ඔහු කීවේ නැත.වාර්තා දෙකම තමන් ළඟ ඇති බවත් ගම්මන්පිල කියද්දී එය ආණ්ඩුවට භාර දෙන්නට දින තුනක් දෙන බව කියා.එය ඔහු ළඟට ගියේ කෙසේදැයි සොයන බවට ද අමාත්‍ය විජිත හේරත් ද ගම්මන්පිලට පොඩි තගරි පාරක් ද දැම්මේය.ඒ අතරේ ගම්මන්පිලව අත් අඩංගුවට ගන්නට හදන බවට ද දූෂමාන ආරංචි පැතිරෙන්නට විය.බැරි වෙලාවත් එහෙම වුණා නම් ගම්මන්පිල වීරයා වී ආණ්ඩුව දුෂ්ටයා වනු ඇත. ඊළඟට ගම්මන්පිල කළේ වාර්තා ප්‍රසිද්ධ කරන බවට පොරොන්දු වෙනවා නම් ආණ්ඩුවට තමන් ළඟ ඇති වාර්තා භාරදෙන බව හා නැති නම් දින හතකින් තමා වාර්තා ප්‍රසිද්ධ කරන බව පැවසීම ය.ආණ්ඩුව මේවා ප්‍රසිද්ධ නොකරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තම හිතවතුන් බේරගැනීමට බවට ද ඔහු ඉඟි කළේ ය.මට හිතෙන හැටියට නම් ආණ්ඩුව මේ කමිටු වාර්තා දෙක ගැන අවධානයට ලක් කළේ ඔන්න ඔය අවස්ථාවේදී ය.ඒ අනුව ආණ්ඩුව එතැන් සිට ක්‍රියා කළේ ගම්මන්පිල පෙන්වන මහා හෙලිදරව්ව හෑල්ලු කිරීමට ය .කාදිනල්තුමාගේ පාර්ශවය ද ගම්මන්පිලට එරෙහි සටනට පිවිසුණේ මේ වෙලාවේ ය. සිරිල් ගාමිණී පියතුමා ඔය කියන වාර්තා ගැන කතෝලික සභාව කිසිදු උනන්දුවක් නැතැයි ප්‍රකාශයට පත් කළේ ගම්මන්පිල සූදානම් වන මහ හෙලිදරව්ව්ව කසල බඳුනට හෙලමිනි.
හිටපු ජනාධිපතිවරයා මේ වාර්තා දෙකම තමන්ට එවා ඇති බවත් ඒවායින් කිසිදු වැඩක් නැති බවත් තමන්ට අවශ්‍ය මේ ප්‍රහාරය ගැන විමර්ශනයක් කර සත්‍ය හෙලිදරව් කර ගැනීම බවත් නව ජනාධිපතිවරයා එය කරන බවට තමන්ට පොරොන්දු වූ බවත් ඒ ගැන විශ්වාස බවත් කියමින් කාදිනල් තුමා ද ගම්මන්පිල තුට්ටු දෙකට දැම්මේ ය.මේ වන විට ආණ්ඩුවත් කතෝලික සභාවේ ප්රධනීනුත් ගම්මන්පිලට එරෙහිව නැඟී සිටිති..දැන් සියල්ල හරි ය.ගම්මන්පිල රවි සෙනවිරත්නගේ නොසැලකිල්ල නිසා ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමේ නිර්දේශය පමණක් හෙලිකර ටෙලි නාට්‍යයක මෙන් ඉතුරු ටික ඊළඟ සතියට කල් තිබ්බේ ය.ආණ්ඩුවත් කතෝලික සභාවත් ගම්මන්පිලට උත්තර දෙමින් මේ සතිය ගත කරනු ඇත ඊළඟ සතියේ හෙළිකරන කොටස මත නොවැම්බර් මුල සතිය ගතවනු ඇත.දෙවෙනි සතියේ මහ මැතිවරණය එන විට ගම්මන්පිලට කරන්නට ඇත්තේ කතෝලික පල්ලියේ හා ආණ්ඩුවේ තර්ජනයට ලක් වූ පිරිසිදු සිංහල බෞද්ධයාට ඇඳ කොළඹ දිස්ත්‍රික්කයේ යටවී ගොස් ඇති සිංහල බෞද්ධ බලවේගය නැගිට්ටුවා ගන්න විතර ය.එවිට ඉදිරි අවුරුදු පහටත් ගම්මන්පිල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීය.මේ ගම්මන්පිලගේ සැලස්ම මෙතෙක් නම් සාර්ථතකය. නොවැම්බර් දාහතර ජනතාවත් ඔහු ගේ පදයට නැටුවොත් ගම්මන්පිල ගොඩේ ගොඩ ය.
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රමාණවත් බුද්ධි තොරතුරු කල් ඇතුව ලැබී තිබියදීත් එය වැලැක්විය නොහැකි වූයේ ආරක්ෂාව භාරව සිටි පොලිසියේ ලොක්කන්ගේ වරදිනි.එමෙන්ම පූර්ව සිද්ධීන් ගණනාවක විමර්ශන කටයුතු කළ නිලධාරීන් ද මේවා අතර අන්තර් සම්බන්ධතාව හඳුනා ගැනීමට අපොහොසත්ව තිබුණි.මේ සියල්ල ගැන රජයෙන් කිසිවක් කළේ නැත.වර්තමන රජයත් ලොකුවට පෙන්වන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගය අගතියට පත් වින්දිතයන් විසින් රාජ්‍ය බලධාරීන්ට එරෙහිව පැවරූ නඩුවකි. එතනදී විනිශ්චය කෙරුණේ චුදිතයින්ගේ විධායක හෝ පරිපාලන ක්‍රියාවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීම ගැන ය .පුරවැසියන්ට රජයෙන් ආරක්ෂා කරදිය යුතු නීතිමය අයිතිය උල්ලංඝනය කිරීම ගැන පැවරූ නඩුව පෙන්වමින් රජයේ නිලධාරීන් ලෙස නොසැලකිල්ලෙන් ක්‍රියා කර පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව අනතුරේ දැමීමේ අපරාධය සඟවා තබන්නට වගකිවයුතු රජයකට නොහැකි ය. ඒනිසා ආරක්ෂාව පිළිබඳ පරම වගකීම බලය දැරූ මේ ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුර අනුව නිසි ක්‍රියා මාර්ග නොගත් සියලුම නිලධාරීන්ට එරෙහිව සක්ෂි සොයාගෙන නඩු පවරා දඩුවම් කළ යුතු ය.
චෝදනාවට හෝ සැකයට භාජනය වූ නිලධාරින් යොදාගෙන කරන කිසිදු විමර්ශනයක් පොදු සමාජයේ පිළිගැනීමට ලක් නොවේ.නමුත් ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂ විමර්ශකයෝ ඕනෑ තරම් සිටිති මීට සම්බන්ධ නැති විමර්ශකයන් මගින් පාස්කු ප්‍රහාරය ගැන යළි පූර්ණ විමර්ශනයක් සිදුකර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අල මුල ගිය තැන් සියල්ල හෙළි කොට ඒ සම්බන්ධ චූදිතයන්ට සේම එම ඛේදවාචකය හමුවේ නිශ්ක්‍රියව සිටි නිලධාරි ගොන්නටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මීට ඇති විසඳුම ය.
රනිල් වික්‍රමසිංහගේ හෝ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩු එය කළේ නැත.ඒ ඇතැම් විට ඔවුන්ට හිතවත් නිලධාරීන් බේරා ගැනීමට විය යුතු ය. ඒ කරුණ මත කාදිනල් තුමා ප්රමුඛ කතෝලික සභාවේ ද සිවිල් සමාජයේ ද සාධාරණ පුරවැසියන්ගේ ද සාපය ඒ පාලකයන්ට එල්ල විය.මේ ආණ්ඩුවත් දැන් දැන් කියන ඒවා අනුව දැනටමත් තමන්ට හිතවත් වූ නිලධාරීන් රැකීමට ක්‍රියා කරන බව අඟවයි. චෝදනාවට හෝ සැකයට භාජනය වූ නිලධාරින් යොදාගෙන කරන කිසිදු විමර්ශනයක් පොදු සමාජයේ පිළිගැනීමට ලක් නොවේ.නමුත් ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂ විමර්ශකයෝ ඕනෑ තරම් සිටිති මීට සම්බන්ධ නැති විමර්ශකයන් මගින් පාස්කු ප්‍රහාරය ගැන යළි පූර්ණ විමර්ශනයක් සිදුකර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අල මුල ගිය තැන් සියල්ල හෙළි කොට ඒ සම්බන්ධ චූදිතයන්ට සේම එම ඛේදවාචකය හමුවේ නිශ්ක්‍රියව සිටි නිලධාරි ගොන්නටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මීට ඇති විසඳුම ය.එසේ සිදු කර තමන්ගේ සුවිශේෂත්වය පෙන්වා දෙන්නට අනුර දිසානායක ජනාධිපතිවරයාට තවමත් පුලුවන.ඒ මගින් ගම්මන්පිල පමණක් නොව අනික් පිල් සියල්ල ද නිශ්ක්‍රිය කරන්නටත් මේ ආණ්ඩුවට ඕනෑ නම් බැරිකමක් නැත.ප්‍රශ්නයකට ඇත්තේ එවැනි සැබෑ ඕනෑ කමක් මේ ආණ්ඩුවටත් තිබේ ද යන්න ය.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති