ග්‍රාමීය ප්‍රදේශවල රජයේ රෝහල් බොහොමයක සේවය කරන ඩිප්ලොමාධාරී ලියාපදිංචි වෛද්‍යවරු(RMO ) 350 කට ආසන්න සංඛ්‍යාවක් ලබන ජූනි මස එකවර විශ්‍රාම යෑම හේතුවෙන් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යාමේ අවදානමක් පවතී.සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට දුෂ්කර ප්‍රදේශ ඇතුළු රට පුරා ග්‍රාමීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරු 650 ක් පමණ සේවය කරති.ලියාපදිංචි වෛද්‍යවරු 350 ක් පමණ විශ්‍රාම ගැන්වීමෙන් ග්‍රාමීය රෝහල් රැසක බාහිර රෝගී අංශ වසා දැමීම වැලැක්විය නොහැකි බවත් ඒ හේතුවෙන් පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශවල ජනතාවට අපහසුතාවට පත්වීමට සිදුවිය හැකි බවත් සඳහන් ය.මෙම වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු පැවසුවේ එම ගැටලුව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවත් එම වෛද්‍යවරුn කොන්ත්‍රාත් ක්‍රමයට නැවත සේවයට ගැනීමට සැළසුම් කර ඇති බවත්ය.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ දෙනකු ප්‍රකාශ කරනුයේ වෛද්‍ය අධ්‍යාපනයට අමතරව දිගු කාලීන සායනික අත්දැකීම් සහ පළපුරුද්ද මත මෙම ඩිප්ලොමාධාරී ලියාපදිංචි වෛද්‍යවරු ග්‍රාමීය ප්‍රදේශවල රජයේ රෝහල් මඟින් ඉටු කරන සේවය සුළුපටු නොවන බව ය.