ගල් අඟුරු රැගත් නැව් හතක් මේ වන විට දිවයිනට ළගාවෙමින් පවතින බව ගල් අගුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා කියයි. පළමු නැව අද මෙරටට ළගා වන අතර දෙවන නැව හෙට මෙරටට පැමිණීමට නියමිත ය. අතර අනෙක් නැව් 5 ලබන 13. 20. 23. 27 සහ 31 යන දිනවල පැමිණීමට නියමිතය. ඒ අනුව නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අගුරු හිගයකින් තොරව සැපයිය හැකි බවත් ඒ අනුව එම බලාගාරයෙන් අඛණ්ඩ විදුලි සැපයීමකට කිසිදු බාධාවක් නැති බවත් සභාපතිවරයා සඳහන් කරයි.