මන්දකට හසු වු දිවියකු මන්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටිනු දුටු ප්‍රදේශ වාසීන් ඒ පිළිබඳව නල්ලතන්නිය වනජිවි කාර්යාලයට දන්වා තිබේ.එහි වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසනුයේහැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්තේ සමර්හිල් කොටසේ තේ වත්තේ යුකෙලෙප්ස්ටික් ගසක අද(07) මේ දිවියා එල්ලී සිටි බවකි.තේ වත්තේ සැරිසරන දිවියන් සහ වල් ඌරන් දඩයම් කිරිම සඳහා කිසියම් පිරිසක් විසින් අටවන ලද මන්දකට හසු වු මෙම දිවියා එම මන්ද කඩාගෙන දිව විත් එය ගලවා ගැනීමට ගසට නැග ඇති අතර, එහිදි දිවියා ගසක මැද සිර වී ඇත.පසුව මෙම දිවියා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ සහයෝගයෙන් නිර්වින්දනය කර බිමට රැගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාදිමට සැලසුම් කර ඇති බව වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියයි. මේ සම්බන්ධයෙන් සත්ව ලෝලීන් පවසනුයේ යම් හෙයකින් මෙම මන්ද කඩා දිවි බේරා ගැනීමට මෙම සත්වයාට නොහැකි විණි නම් බොහෝ දුරට අබිරහස් ඝාතනයකට ලක් වීමට ඉඩ තිබූ බවකි.