ගාලු මුවදොර අඛණ්ඩ ඓතිහාසික ජන අරගලය දින විසි පහ සපුරයි

ගාලු මුවදොර අඛණ්ඩ ඓතිහාසික ජන අරගලය දින විසි පහ සපුරයි ජනාධිපතිවරයාට සහ වත්මන් රජයට ඉල්ලා අස් වන ලෙස බල කරමින් ගාලු මුවදොර “ගෝටාගෝගම” කේන්ද්‍රගතව ආරම්භ කර ඇති විරෝධතාවය අද අඛණ්ඩව 25 වන දිනටත් ක්‍රියාත්මක වෙයි.කිසියම් දේශපාලන පක්ෂයක්,වෘත්තීය සමිතියක්,ප්‍රජා කණ්ඩායමක් ආදී වශයෙන් වන කිසිදු සීමාවකින් තොරව තාරුණ්‍යය කේන්ද්‍ර කර ගත් මෙම ජන අරගලයට මේ වන විට මිලියන හතරකටත් වැඩි ජනතා සහභාගීත්වයක් ලැබී ඇතැයි වාර්තා වෙයි.මෙතරම් දිගු කාලයක් දිවා රෑ දෙකේ අඛණ්ඩ ව ශ්‍රී ලංකාවේ පැවැති එකම සාමකාමී පොදු ජනතා අරගලය ලෙස මෙය දැනටමත් ඉතිහාසයට එක් වී හමාරය. මේ අතර අග‍්‍රාමාත්‍යවරයාට ඉවත් වන ලෙස බල කරමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට “මයිනාගෝගම”නමින් හඳුන්වන පරිශ්‍රය කේන්ද්‍රගතව ද මේ වන විටත් අඛණ්ඩ පොදු ජන විරෝධතාවයක් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ.

කාලීන පුවත්