ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය නිල කටයුතු සඳහා නිතර ආ ගිය කොළඹ කොටුවේ ගාලු මුවදොර ඉදිරිපිට ජනාධිපති ලේකම් කාර්යාලය අවට පරිශ්රයේ පුරා අඛණ්ඩවම දැවැන්ත ජන අරගල පැවතීම හේතුවෙන් ඊට යාම ඊමට ඇති අපහසුව සළකා තාවකාලිකව සියලු නිල රාජකාරී කොටුව පිහිටි ජනාධිපති නිල නිවෙසේ සිදු කිරීමට ජනපති වරයා කටයුතු යොදා ඇත.ඒ අනුව ජනාධිපතිවරයා ජනපති මැදුරේ ඉහළ මාලයේ රැඳී සිටින අතර එහි පහත මාලයේ ජනාධිපති ලේකම් කාර්යාල නිල රාජකාරි සියල්ලක්ම සිදු කරමින් සිටින බව දැනගන්නට ඇත.