කොළඹ ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ යම් පිරිසක් විසින් අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවය.එබැවින් අදාළ එබැවින් අදාළ පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්රදේශය තුළට කිසිදු පාර්ශ්වයක් ඇතුළුවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්රාත්වරයා අදාළ නියෝගය නිකුත් කරනු ලැබීය.