ගෑස් රුපියල් 685 කින් ඉහළට

අද (01දා) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 685කින් ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව එහි නව මිළ රුපියල් 4250ක් වනු ඇත.ඊට අමතරව කිලෝ පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් ද, කිලෝ 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 127 කින්ද ඉහළ දමා තිබේ.මේ තත්වය යටතේ හෝටල් ඇතුළු භෝජනාගාර වල අලෙවි වන සියළුම පිසින ලද ආහාර පාන රුපියල් දහයේ සිට මිල ඉහළ දැමිය යුතු අතර වැට් බද්ද ඉහළ නැංවීමට සාපේක්ෂව එම ඉහළ නැංවීම 20%කට වැඩි අගයකින් යුතු වනු ඇතැයි ද හෝටල් සහ භෝජනාගාර හිමියෝ පවසති.

කාලීන පුවත්