නිවෙස්වල පවතින පොලිතින් ආවරණය ඉවත් නොකළ ගෑස් සිලින්ඩර් අලෙවි නියෝජිතයන් නැවත භාර දී නව සිලින්ඩර් ලබාගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දුන්නත් තමන්ට සමාගම්වලින් එවැන්නක් දැනුම් දී නැතැයි පවසමින් ගැස් අලෙවි කරුවෝ ගෑස් ලබාදීම ප්රතික්ෂේප කරන බව පාරිභෝගිකයෝ කියා සිටිති.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ගෑස් සමාගමක් විසින් ලබාදී ඇති 1311 දරන දුරකථනයට කතා කළත් එයට ප්රතිචාර නොදක්වන බවද ජනතාව චෝදනා කරති.
ඒ අනුව ඔවුන් ඉල්ලා සිටිනුයේ මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුකර පාරිභෝගිකයාට සහනයක් සලසා දෙන ලෙසය