ගුරු වැටුප් වැඩිවීම එකවර මෙවර අයවැයෙන්

මාස කිහිපයක් තිස්සේ ඇදි ඇදී ආ ගුරු වැටුප් ප්‍රශ්නය නිමා කරමින් වැටුප් වැඩිවීම එකවර මෙවර අයවැයෙන් ලබා දීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වෙයි..අද(10) අගමැතිවරයා හා ගුරු වෘත්තීය සමිති අතර පාර්ලිමේන්තුවේදී පැවැති රැස්වීමේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට ඇති බව ද පැවසෙයි.ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් එහිදී මෙම වැටුප් වැඩිවීම මෙවර අයවැයෙන් ලබා දීමට එකගතාව පළ කිරීමටද පියවර ගෙන තිබේ.මීට අමතරව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට 7.5%ක ප්‍රතිශතයක් මුදල් වෙන් කරන බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී දැනුම් දී ඇත.පාර්ලිමේන්තුවේ අද පැවැති සාකච්ජාවෙන් අනතුරුව සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් හට දිවා භෝජන සංග්‍රහයක් ලබා දීමට අගමැතිවරයා පියවර ගෙන ඇත.පාර්ලිමේන්තු භෝජනාගාරයේදී මෙම දිවා භෝජන සංග්‍රහය ලබාදීමට පියවර ගෙන ඇති බව පැවසේ.මෙම භෝජන සංග්‍රහය සදහා ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ මෙන්ම වසන්තා හදපාන්ගොඩ යන වෘත්තීය සමිතිවල නායකයන් ඇතුලු රැසක් සහභාගීව සිට ඇත.කෙසේවෙතත් ඊට අගමැතිවරයා එක්ව නැති බවද වාර්තා වේ.මෙම සාකච්ජාවේදී වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට අගමැතිවරයා පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

කාලීන පුවත්