අමාත්‍ය අනුකමිටුවේ වැටුප් යෝජනාව එකවර ක්‍රියාත්මක කරනතුරු ගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කියයි.ඔවුන් වැඩිදුරටත් පවසනුයේ වසර ගණනාවක් තිස්සේ ආණ්ඩුවේ ඇස් බැන්දුම්,කෙනෙහිලි කම් හමුවේ නිහඬ ව සිටි තමන් මේ වන විට ඒ සියල්ල වටහාගෙන හිඳින බැවින් තව දුරටත් ඒ මුලාවේ නොවැටෙන බවය.සෙසු රාජ්‍ය සේවකයන් හමුවේ ගුරුවරයා යනු පහසුවෙන් රවටා දමනය කළ හැකි කොට්ඨාශයක් ලෙස ආණ්ඩුව තුළ පවතින වැරදි මතය දුරු කළ යුතු බව ද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ක්‍රියාකාරීහු කියති