අද වන විට අප රට මිනිමරුවන්ගේ රජදහනක් බවට පත්ව ඇති බවත් මිලේච්ඡත්වය රජවන මිනිමරු සංස්කෘතියක් රටේ බිහි වී ඇති බවත් ගෙදරටම ඇවිත් වෙඩි තියන තැනට වැඩබිමේදී මහපාරේදී මෙන්ම උසාවියේදි ද වෙඩි තියන තැනට රට පත්ව ඇති බවත් ජාතික සමඟි බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නීතිය වල් බිහි වී නිතියේ පරමාධිපත්‍ය සුරක්ෂා කරන්න රජයට නොහැකි වී ඇති බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු රජයේ මැති ඇමතිවරුන්ට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.