මේ වන විට ඩුබායි ගොස් හිඳින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව වාර්තා වෙයි.රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ වන විටත් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින අතර ඔහු තම බිරිඳ පුතු ලේලිය සහ මුනුපුරු සමඟ ඩුබායි හි “මිරකල් ගාඩන්” උද්‍යානය බැලීමට ද ගොස් තිබේ.රාජපක්ෂ මහතා ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව යාමට යනු ඇතැයි මුලින් වාර්තා වූ නමුත් ඇමරිකා එක්සත් ජනපද රජය ඔහුට වීසා බලපත් නිකුත් නොකිරීම මත ඔහුට ඒ අවස්ථාව අහිමි විය.පසුගිය දා හිටපු රාජ්‍ය නායකයකු ලෙස ඩුබායි ගුවන්තොටු පලින් ගොඩ බැසීමේ දී නොමිලේ ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීමේ අවසරය ඉල්ලා සිටිය ද ගුවන් තොටු පල බලධාරීන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබිණ.ඒ ඔහු බලය අතහැර පලා ගිය රාජ්‍ය නායකයකු ලෙස ලේඛන වල සඳහන් වීම නිසා බව ද දැනගන්නට ඇත.මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ ඔහුට නැවතත් එක්සත් ජනපද පුරවැසිභාවය ලබා දෙන ලෙසයි.පසුගිය ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතහැර දමන ලද ඇමරිකානු පුරවැසි භාවය නැවත ලබාදෙන්නැයි කරන ලද ඉල්ලීම එරට විසින් යළි සලකා බලනු ඇතැයි ද වාර්තා වෙයි. ඒ අනුව ඔහුට යළි ඇමරිකානු පුරවැසි බව ලැබුණ හොත් රාජපක්ෂ මහතා යළි එහි පදිංචියට යනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.