ගෝඨා නතර කළ සැහැල්ලු දුම්රිය අරඹන්න ජපාන කැමැත්ත

ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව තිබිය දී ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අත්තනෝමතික ලෙස නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබා දීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත.සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රජයට රුපියල් කෝටි 597.8ක පාඩුවක් සිදු වී තිබේ. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ සඳහන් කර තිබේ.

කාලීන පුවත්