ඊයේ මධ්‍යම රාත්‍රියේ(03) දිවයිනට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම කොළඹ 07,මලලසේකර මාවතේ පිහිටි ඇමති නිල නිවසක් වෙත පූර්ණ ආරක්ෂාව සහිතව ගොස් ඇති අතර ඔහු කිසිදු මාධ්‍යයකට මුහුණ නොදීම ද විශේෂත්වයකි.එමෙන්ම හිටපු ජනපති වරයා පිළිගැනීමට මැති ඇමති වරුන් කිහිප දෙනකුම ගුවන් තොටු පලට ගොස් තිබුණ ද ඔවුන් කවුරුන් ද යන්න වත් මෙතෙක් අනාවරණය වී නැත.මේ වන විට කොළඹ 07 මලලසේකර මාවත අවට දැඩි ආරක්ෂක මුරකාවල් යොදා ඇති බව ද වාර්තා වෙයි.