වසර දෙකක කෙටි කාලයක් රටේ ජනාධිපති ධුරය දැරුව ද ගෝඨාභය රජපක්ෂ මහතා අත්දැකීම් බහුල රාජ්‍ය නායකයෙකු බවත් ඒ මහතාගෙන් එම අත්දැකීම් තරුණ පරපුරට ලබා දීම පිණිස එතුමා නැවත සක්‍රිය දේශපාලනයට එක් විය යුතු බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කියයි.156 වෙනි පොලිස් දිනය නිමිතෙන් නාවලපිටිය පොලිසිය විසින් අද(04) නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඒ බැව් පැවසීය.