දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුර කාලය නිසි පරිදි අවසන් කළ ජනාධිපතිවරයෙකු නොවී ධුර කාලය අතර තුර ස්වකීය ධුරයේ වගකීම් අත්හළ ජනාධිපතිවරයකු බැවින් ඔහුට හිටපු ජනාධිපති වරයකුට අයත් වරප්රසාද හිමි නොවිය බවට නීති තර්ක මතු වී තිබේ.හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ද පසුගිය දිනයෙක මේ බව පවසා තිබූ අතර යම් හෙයකින් රජය ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසක් ලබා දුනහොත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි කරුණක් බව ප්රකාශ වී තිබේ. මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස සුදුසු පරිදි අලුත්වැඩියා කර දීමට හැකි වුව ද එහි ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් සහ හමුදා බල ඇනි යෙදවීම ද රජයට ප්රශ්නයක් වනු ඇතැයි පැවසේ.