ගෝඨාට යළි එන්න ඉඩ දිය යුතුයි

දැනට විදේශ ගත ව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඕනෑම මෙහොතක ශ්‍රී ලංකාවට පැමිණීමට,ශ්‍රී ලංකා රජය ආරක්‍ෂාව සැපයිය යුතු බවට නිර්දේශ කරන බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දන්වා තිබේ.ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ, හිටපු ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත් වීමට බලපෑම් සහ තර්ජනය කිරීම් හේතු වූ බවට ‍පැමිණිලි ලැබී ඇති බවයි. තවද, එම කාලය ඇතුළත හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට රජය අපොහොසත් වූ බවකි.හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී ඇති බවට පැමිණිලි ලැබි ඇති බව සඳහන් කරන එම කොමිසම වැඩිදුරටත් පවසන්නේ. ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට, අවශ්‍ය ‍ඕනෑම මොහොතක තම මව්රටට පැමිණීමට හැකියාව තිබිය යුතු බවකි. එසේම, හිටපු ජනාධිපතිවරයාට කිසියම් හෝ තර්ජනයක් ඇත්නම්, ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලෙසත්, එම කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

කාලීන පුවත්