චක්‍රලේඛ අනුව ඡන්දෙට සල්ලි දෙන්න බෑ

රජයේ වියදම් සීමා කරමින් නිකුත්කර ඇති චක‍්‍රලේඛ වලට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දිමේ ගැටලූවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දි තිබේ.ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඉහළ නිලධාරින් මැතිවරණ කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේදී ය.රජයේ වියදම් සීමා කරමින් නිකුත්කර ඇති චක‍්‍රලේඛයට අනුව රටේ අත්‍යාවශ සේවා සදහා පමණක් මුදල් වෙන් කිරිමට සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දී ඇති අතර වෙනත් අත්‍යාවශ්‍ය නොවන වියදම් සදහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගතයුතු බවට තවත් චක‍්‍රලේඛයක් නිකුත්කර ඇතැයි ඔවුහු පවසා ඇත. මුදල් අමාත්‍ය පදවිය හොබවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පවසා ඇත්තේ ද කිසිසේත් පැහැර හැරිය නොහැකි පුනරාවර්තන වියදම් සපුරාලීමට වැඩි මුදල් ප්‍රමාණයක් මේ වන විට භාණ්ඩාගාරය සතුව නොමැති බව ය.

කාලීන පුවත්