ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රීයව පවතින “මෝඛා” සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළි කුණාටුව මේ වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරමින් ඇති අතර එහි බලපෑම නිසා මෙරට ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
මේ අතර, සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වැසි ඇති වෙමින් පවතී. ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ රත්නපුර කලටුවාව ප්‍රදේශයෙනි. එය මිලිමීටර 225.5 කි.