“යුවාන් වෑන්ග් 5 “ චීන නෞකාවට හෙට (16) හම්බන්තොට වරායට ඇතුළුවීමට රජය අවසර ලබා දී තිබේ. එම නෞකාව මෙරටට පැමිණීමට නියමිතව පැවැතියේ ඉකුත් 11 දා ය. එහෙත්, ඉන්දියාවේ සහ ඇමරිකාවේ විරෝධය මත චීන නෞකාව මෙරටට ඇතුළුවීම ප්‍රමාද කරන ලෙස ලංකා රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය චීනයට දන්වා තිබුණි.
ඉන්දියාව චෝදනා කරන්නේ මෙය ඔත්තු බලන නෞකාවක් ලෙස හඳුන්වමිනි. ඔවුන් ඉන්දියානු සාගරයේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට ඔත්තු බැලීමේ කටයුත්තක් වෙනුවෙන් මෙරටට පැමිණෙන බව ඉන්දියානු රජය චෝදනා කර සිටියි.
යුවාන් වෑන්ග් 5 නෞකාව අධි තාක්ෂණික රේඩාර් හා චන්ද්‍රිකා තාක්ෂණික උපකරණවලින් සමන්විත ය. චිනය අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ නෞකාවන් හි සිට ය. ඊට හේතුව අභ්‍යවකාශ කටයුතු කරන නාසා ආයතනයට චීනය සම්බන්ධ කර නොගැනීම නිසා ය. එම නිසා ඔවුන් තමන්ට අවශ්‍ය අභ්‍යවකාශ කටයුතු කරගන්නේ නෞකාවන් හි සවි කරන ලද තාක්ෂණික මෙවලම් උපයෝගී කරගනිමිනි.
චීන නෞකාවට ලංකාවට පැමිණීමට අවසර ලබා දී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ය.
ඔහු ඉකුත් ජුලි 12 වෙනි දින මෙම අවසරය ලබා දී තිබුණි. ඒ ආරක්ෂක ඇමතිවරයා ලෙස ය. කෙසේ නමුත් චින නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන්නේ පහසුකම් සපයා ගැනීම වෙනුවෙනි. ආහාර, ජලය, ඉන්ධන හා අනෙකුත් පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් නෞකාව හම්බන්තොට වරායට පැමිණේ.
නමුත්,මෙම නෞකාව පැමිණෙන බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග ඉන්දියාව විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට විය. ඔවුන් කියා සිටියේ ලංකාව ගන්නා ක්‍රියාමාර්ග ගැන ඔවුන් දැඩි අවධානයකින් පසුවන බවකි. එහෙත්,ජාත්‍යන්තර නාවික නීතිය ප්‍රකාරව ජාත්‍යන්තර මුහුදේ ගමන් කරනා නෞකාවකට ආසන්න වරායකට පැමිනීමට අවසර ඉල්ලා සිටියහොත් එම අවසරය ලබාදීමට ආසන්නතම වරාය බැඳී සිටියි.ඉන්දියාව ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරනුයේ මේ තත්වය නොදැන නොවේ.
එහෙත්, ඉන්දියාව ඇමරිකාව එල්ල කළ පීඩනය හමුවේ ජාත්‍යන්තර නාවික නීති පවා නොතකා ශ්‍රී ලංකා රජයට නෞකාව පැමිණීම ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටීමට සිදුවිය. නමුදු ඔවුන් ගමන නවතා දැමුවේ නැත. එසේ පැමිණි නෞකාව මේ වන විට අන්දමන් දූපත් අතර නවතාගෙන සිටින බවත් ඔවුන්ගේ මූලස්ථානයෙන් නියෝගයක් ලැබෙනතුරු ඒ ආසන්නයේ නවතාගෙන සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.
චීන නෞකාව අන්දමන් දූපත් අසල නවත්වාගෙන ඉන්දියන් සාගරයේ ඇති කඳු පන්ති නීරික්ෂණය කරනා බවට ඉන්දියාව ඉන් පසු චෝදනා කළේය. ඉන්දියාව හා ඇමරිකාව එක්ව එම සාගර කලාපයේ ඇති කඳු පන්ති නීරික්ෂණ කටයුතු කරනා බවත් චීනයත් මෙම නෞකාවේ සිට එම කාර්යයම කරනා බවටත් ඉන්දියාව චෝදනා කරන්නට විය.
මේ අතර ඇමරිකානු තානාපති ජූලි චැන්ග් විසින් චීන නෞකාව මෙරටට පැමිණීමට අවසරය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රසාදය පළ කර තිබේ. එහිදි ජනාධිපතිවරයා විමසා ඇත්තේ එලෙස අප්‍රසාදය පළ කරන්නට හේතු මොනවාද යන්නයි. ඇමරිකාවෙන් මෙතෙක් එයට සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැත.ඒමන්ද යන්න අපි නොදනිමු.ඒ අනුව “යුවාන් වෑන්ග් 5 “ චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට ඉඩ නොදීමට ඇති සාධාරණ හේතු මොනවාද? යන්නත් අප විමසා බැලිය යුතුය.
චීන නෞකාව පැමිණෙන්නේ ඔත්තු බැලීමට යැයි ඉන්දියාව චෝදනා කළත් එයට ශ්‍රී ලංකාව ඈඳා ගැනීම ගැටළු සහගත ය. මන්ද නෞකාවට ඔත්තු බැලීම වෙනුවෙන් පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බැවිනි. ශ්‍රී ලංකා රජය කරන්නේ ජාත්‍යන්තර නාවික නීති නෞකාවට හා එහි කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සැපයීම පමණකි.
චීනය හා ඇමරිකාව අතර පවතින ජාත්‍යන්තර භූ දේශපාලන ගැටුම නම් “ගිරයට මැදි වූ පුවක් ගෙඩිය” බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාව ය. ඉන්දියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජයේ ස්වෛරිත්වයට හානි කරන්නට ඉන්දියාවට අවශ්‍ය නොවන බවට ය. ඉන්පසුව ඔහු ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ ලබා දුන් ආධාර හා ණය ප්‍රමාණය ගැන ද මෙරටට සිහිපත් කර සිටියේය.
ඉකුත් කාලය පුරා ලංකාව ලබා ගෙන ඇති ණය වලින් වැඩිම පංගුවක ණය හිමියා වන්නේ චීනයයි. ලංකාව වැඩිම ණය ප්‍රමාණයක් ගෙන ඇත්තේ චීනයෙනි. ණය ගෙවා ගත නොහැකි ආර්ථික අර්බුදයකට පත්ව සිටින ලංකාවට මේ අවස්ථාවේ ලෝකයේ සෑම රටකින්ම උදව් උපකාර අවශ්‍ය ය.
පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස ලංකාව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් බිලියන 4 ක ණයක් ඉල්ලා තිබේ. එම ණය ලබා දීමට කලින් ලංකාව මේ වන විට ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගන්නා ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත. ලංකාව ණය ලබා ගෙන ඇති රටවල් සියල්ලම පාහේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කර තිබුණ ද චීනය තමත් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර නොමැත.එය ඔවුන්ගේ දේශපාලනික උපාය මාර්ගයක් වීමට පුළුවන.
නෞකාවට පැමිණීමට ඉඩ ලබා නොදුනහොත් චීනය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරණයට ඉඩ ලබා නොදෙනු ඇත. එසේ වුවහොත් ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට නොහැකි වනු ඇත. ලංකාව නැවත චීනය සමඟ මේ ගැන සාකච්ඡා කිරීම වෙනුවෙන් කල් ගැනීම නිසා අයි.එම්.එෆ් ණය ලබා ගැනීම තවත් කාලයකට ප්‍රමාද වනු ඇත.
“රැවුලයි කැඳයි“ දෙකම ආරක්ෂා කර ගැනීමට ලංකාවට මේ මොහොතේ සිදුව තිබේ. එම නිසා ඔවුන්ට චීන නෞකාවට මෙරටට පැමිණීමට අකමැත්තෙන් වුවත් අවස්ථාව ලබාදීමට සිදුව ඇත. ලංකා රජය ඉන්දියාව සමඟ මේ ගැන එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තාවේ. එය ලංකාව ලද ජයග්‍රහණයකි. චින නෞකාවට හම්බන්තොට වරායේ නවතා තැබීමට අවසර ඇත්තේ අගොස්තු 16 දින සිට අගොස්තු 22 දක්වා කාලය තුළ පමණකි.
එම කාලය තුළ කිසිදු පර්යේෂණයක් මෙරට විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරයකින් තොරව නොකරන බවට වූ සහතිකයක් මත එම අවසරය දුන් බව විදේශ අමාත්‍යාංශය පවසයි. එහෙත් චීන මාධ්‍ය පවසන්නේ එවැනි අවසරයකට චීනය එකඟ වී නොමැති බවකි.නමුදු මේ සම්බන්ධයේ ඉදිරියේ කුමකින් කුමක් වේදැයි අනාවැකි කීමට දැන් කල් වේලා වැඩිය.
ලසන්ත වීරකුලසූරිය