”චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීම නවත්වන බව කෘෂිකර්ම ඇමති කියයි” යන සිරස්තලය යටතේ ඊයේ (සැප්. 29) කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් එම වැකිය ”චීන සමාගමෙන් පොහොර ආනයනය නතර කරන බව කෘෂිකර්ම ඇමති කියයි” ලෙස නිවැරදි විය යුතු බව එම අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, චීනයෙන් කාබනික පොහොර ආනයනය නතර කිරීමට රජය තීන්දුවක් ගෙන නොමැති බවත් එවැනි ප්‍රකාශයක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කර නොමැති බවත් ය.
චීන සමාගමක් විසින් ඒවා ඇති සාම්පල්වල අහිතකර බැක්ටීරියා ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇති බැවින් “එම සමාගමෙන්”: කාබනික පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය අලුතින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.