චීන රජයෙන් රුපියල් මිලියන 26800 ක සහල් ආධාර;පළමු තොගය 25 වනදා

චීන රජය මෙරටට පරිත්‍යාග කළ රෙන්මින්බි මිලියන 500 ක( ශ්‍රී ලංකා රුපියල් මිලියන 26800 ක ) වටිනාකමකින් යුත් සහල් තොගයක පළමු කොටස ලබන 25 වැනිදා දිවයිනට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. චීනය පරිත්‍යාග කරන එම සහල් තොගයේ දෙවන කොටස රැගත් නෞකාව ලබන 30 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. පාසල් ආහාර වැඩසටහන සදහා සහල් මෙට්‍රික් ටොන් දසදහසක් අඩු ආදායම්ලාභි පවුල්වල ළමයින් වෙනුවෙන් ලබාදෙන බව එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කාලීන පුවත්