චීනය ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් පන්දහසක් පරිත්‍යාග කොට ඇති අතර ඊයේ(28) දිවයිනට ළඟා විය.මෙම සහල් තොගය පාසල් දරුවන්ට ආහාර සැපයීමේ ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනේ. චීන රජය නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගී වු ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා කියා සිටියේ මහතා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ හැකි සෑම ආකාරයකින්ම සහායදීමට චීිනය සුදානමින් සිටින බවකි.