ඡන්ද පැමිණිලි 99ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 99 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පසුගිය ජූලි මස 31 වැනිදා සිට මේ දක්වා කාලයේදී මෙම පැමිණිලි වාර්තාවූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

එම පැමිණිලි 99 ම ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි.

කාලීන පුවත්