යටපත්ව පැවති මැතිවරණ උණුසුම අප රට තුළ නැවත දැනෙන්නට පටන් ගෙන තිබේ. පසුගිය වතාවේ පවත්වන්නට ඔන්න මෙන්න තිබිය දී පළාත් පාලන මැතිවරණය කල් දමනු ලැබූ අතර මේ වන විට ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ තව මාස කිහිපයකින් පවත්වන්නට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් සිතා ගත හැකිය. නමුත් අප රටේ දේශපාලනය හැසිරෙන ආකාරය මත මැතිවරණයක් පවත්වන තුරු ඒ පිළිබඳ නිශ්චිතව ම පැවසිය නොහැකිය. කෙසේ වෙතත් සමස්ත ජනතාව තුළම අඩු වැඩි වශයෙන් මැතිවරණය පිළිබඳ උනන්දුව ඇතිවෙන්නට පටන් ගෙන තිබේ.
මැතිවරණ ව්‍යාපාර ආසන්න වෙද්දී එය ජනතාව කෙරෙහි කුමනාකාරයෙන් බලපෑම් කරයිදැයි ඔබෙන් ඇසුවහොත් ඔබ ඊට විවිධ පිළිතුරු ලබා දෙනු ඇත. ඇතැම් පාරිභෝගික භාණ්ඩවල මිල අඩු වන නිසා මැතිවරණය අවසන් තුරු හෝ යම් සහනයක් ලැබිය හැකි යැයි ඇතැමෙක් පැවසිය හැකිය. මැතිවරණ ව්‍යාපාර සඳහා විවිධ සේවා සපයන පුද්ගලයන්ට මෙවැනි සමයක් සිය ආදායම වැඩි කර ගැනීමට හේතුවක් වන බැවින් එවැනි පුද්ගලයන් මේ පිළිබඳ ප්‍රසාදයකින් කතා කරනවා දැකිය හැකිය. දේශපාලනඥයන් ළඟින් ම සිටිමින් ඔවුන්ට උදව් කරන පිරිස්, මැතිවරණයකින් පසු තමාට ලැබෙන දේශපාලන වාසි පිළිබඳ සිහින මවමින් කතා කරනවා ද ඇසෙන්නට පුළුවන. මේ සියල්ල සත්‍ය වන නමුත් අප සියලු දෙනාටම දැඩිව බල පෑ හැකි නමුත්, කිසිවකුට නොපෙනන, කිසිවකු කතා නොකරන කාරණයක් ද මැතිවරණ කටයුතු නිසා ඇති වේ. ඒ සෞඛයයි. මැතිවරණ කටයුතු අපගේ සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන බව බොහෝ දෙනෙක් එකවර විශ්වාස කරන්නේ නැත. නමුත් සත්‍යය වන්නේ එසේ වන බවය.
මැතිවරණ සමයක දී සෞඛ්‍ය සේවාවන්ගේ අවශ්‍යතාව 19%කින් වර්ධනය වන බව හෙළි වී තිබේ. විශේෂයෙන් මෙය දකින්නට ලැබී ඇත්තේ මහ මැතිවරණයක් හෝ ජනාධිපති මැතිවරණයක් ආසන්නයේ හෝ අතරතුර හෝ මුලින්ම ඡන්දය භාවිත කරන්නට බලාපොරොත්තු වන ඡන්දදායකයන් අතරිනි. පපුවේ දැඩි වේදනා, තියුණු ස්වසන ආසාදන, ආමාශය සහ බඩවැල් ආශ්‍රිත ආබාධ (ගැස්ට්‍රයිටිස් වැනි) සහ ඇතැම් අවස්ථාවල දී ශාරීරික වශයෙන් සිදුවන තුවාල පවා මෙම අධ්‍යයනවලට වාර්තා වී තිබේ.
අප රටේ සිදු නොකළ ද ලෝකයේ බොහෝ රටවල මේ සම්බන්ධ අධ්‍යයනයන් සිදු කොට ඇති අතර මැතිවරණ කටයුතු හා සබැඳි විවිධ කාරණා නිසා බොහෝ දෙනෙකුට රෝහල් ගතවන්නට සිදු වන බව එම අධ්‍යයනවලින් හෙළි වී තිබේ. මැතිවරණ සමයක දී සෞඛ්‍ය සේවාවන්ගේ අවශ්‍යතාව 19%කින් වර්ධනය වන බව හෙළි වී තිබේ. විශේෂයෙන් මෙය දකින්නට ලැබී ඇත්තේ මහ මැතිවරණයක් හෝ ජනාධිපති මැතිවරණයක් ආසන්නයේ හෝ අතරතුර හෝ මුලින්ම ඡන්දය භාවිත කරන්නට බලාපොරොත්තු වන ඡන්දදායකයන් අතරිනි. පපුවේ දැඩි වේදනා, තියුණු ස්වසන ආසාදන, ආමාශය සහ බඩවැල් ආශ්‍රිත ආබාධ (ගැස්ට්‍රයිටිස් වැනි) සහ ඇතැම් අවස්ථාවල දී ශාරීරික වශයෙන් සිදුවන තුවාල පවා මෙම අධ්‍යයනවලට වාර්තා වී තිබේ.
පර්යේෂකයන් විශ්වාස කරන පරිදි මේ රෝගාබාධ සියල්ලටම මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඡන්දය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාට යන්න තෝරා ගැනීම සම්බන්ධව තමන් තුළින් ම මෙන්ම බාහිර පාර්ශ්වයන්ගෙන් එල්ල වන දැඩි බලපෑම් නිසා සහ මැතිවරණ සමයක් අතරතුර නිතර දෙවේලේ දක්නට ලැබෙන දේශපාලන දැන්වීම්වල බලපෑම නිසාය. මේ තත්ත්වය ‘මැතිවරණ සහලක්ෂණය’ (election syndrome) හෝ ‘මැතිවරණ ආතති ආබාධය’ (election stress disorder) ලෙස නම් කළ යුතු යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.
දේශපාලන මතිමතාන්තර, අදහස් දැක්වීම් ආදිය නිතර දෙවේලේ අත්දැකීම තුළින් අප නොදන්නා වුව බොහෝ දෙනෙකු තුළ විඩාබර ගතිය, හෙම්බත්වන ස්වභාවය ඇති විය හැකි අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද දුර්වල වී යයි. එමෙන්ම කොවිඩ් වැනි රෝග තත්ත්වයන් බහුලව ව්‍යාප්ත වන්නට ද මැතිවරණ ව්‍යාපාර හේතු වේ. පසුගිය කොවිඩ් සමයේ අප රටේ ද විවිධ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ මැතිවරණය ව්‍යාපාරයන් කරගෙන ගිය අතර නිල නොවන ලෙස වුව ද වාර්තා වූ කරුණුවලට අනුව එයින් පසුව කොවිඩ් ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වූ බව දක්නට හැකි විය. ඊට අමතරව ස්පර්ශය, වාතය සහ ජලය ඔස්සේ ව්‍යාප්ත වන රෝගවල ද සැලකිය යුතු වර්ධනයක් මැතිවරණ කාලවල දී දකින්නට හැකිය.
මැතිවරණ ව්‍යාපාරික කටයුතු සඳහා සහභාගිවීමේදී, මැතිවරණ රැස්වීම්, රැළි, උද්ඝෝෂණ මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෝලිම්වල පෙළ ගැසී සිටිය දී කොවිඩ් වැනි රෝග වඩාත් ඉක්මනින් ව්‍යාප්ත වී යා හැකිය. මෙවැනි පෝලිම්වල ජනතාව එකිනෙකාට සමීපව සිටින අතර ඒ නිසාම ස්පර්ශයෙන් බෝවන රෝග ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යා හැකිය.
වෙනත් රටවල්වල සිදුකරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මැතිවරණ කටයුතු සඳහා නිතර සහභාගී වන්නන්, ඒ වෙනුවෙන් වැඩි කාලයක් කැප කරන නිසාත්, එම සමයේ දී කෑම බීම ආදිය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන නිසා මානසික වශයෙන් ඇති වන ඇතිවන ආතති තත්ත්වය හා කායික වශයෙන් ඇතිවන රෝගාබාධ තත්ත්වය නිසා අකල් මරණවලට ලක්වන අවස්ථාවන් ද දකින්නට හැකිය. මැතිවරණ කටයුතු සහ සෞඛ්‍යය සම්බන්ධව තායිවානය තුළින් සොයා ගන්නට හැකි වූ කරුණු ඇතුළත් වාර්තාවක් 2023 වසරේ දී Health Economics සඟරාවේ පළ කොට තිබිණි. මෙහිදී ලක්ෂ 9 ක පිරිසකගේ සෞඛ්‍ය වාර්තා අධ්‍යයනය කරන ලදී. 2012 වසරේ දී එරට පැවැත්වූ මැතිවරණ සමයේ දී ජනතාව අතර කාංසා තත්ත්වයන්ගේ වර්ධනය 30%කින් වර්ධනය වී ඇති බව සොයා ගත හැකි විය. සෞඛ්‍ය සේවාවන් සඳහා වැය වූ වියදම ද 16.4%කින් වැඩි වී තිබිණි.
එමෙන්ම පරාජයට පත් වූ දේශපාලන පක්ෂ වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩකටයුතු කළ පුද්ගලයන් තුළ කෝර්ටිසෝල් හෝමෝනයේ පැහැදිලි වර්ධනයක් දක්නට හැකි විය. මේ හෝමෝනය වෑස්සෙන්නේ සිරුර දැඩි ආතතියකට ලක්වන විටදීය. එමෙන්ම ටෙස්ටස්ටෙරෝන් හෝමෝනය වෑස්සිම අඩු වීම නිසා මානසික තත්ත්වය අවුල්සහගත වීම සහ විෂාදය වැනි රෝග ද වර්ධනය වනු දක්නට හැකි විය.
ජනතාව තුළ සෞඛ්‍ය ගැටලු ඇති කරන ප්‍රධාන මාර්ග දෙකක් මේ පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ තිබිණි. ඉන් එකක් වන්නේ මානසික ආතතියයි. එය මානසික රෝග තෙක් වර්ධනය විය හැකිය. අනෙක වන්නේ මැතිවරණ ව්‍යාපාරික කටයුතුවලට සක්‍රියව දායක වීම නිසා ඇතිවන ශාරීරික ආබාධයන් ය.මේ අධ්‍යයනයෙන් මගින් යෝජනා කොට තිබුණේ මැතිවරණ සමයේ අතිරේක වශයෙන් වැඩිවන සෞඛ්‍ය වියදම ආවරණය කර ගැනීම පිණිස දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් විශේෂ බද්දක් ගෙවිය යුතු බවය.
“අප ලබා ගත් ප්‍රතිඵලවලින් පැවසිය හැක්කේ ජාතික තලයේ මැතිවරණ පැවැත්වෙන සමයයන්වල දී සෞඛ්‍ය සේවය භාවිතයේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන බව සහ සෞඛ්‍යය වෙනුවෙන් වූ වියදම් 17% – 19% ක් ප්‍රමාණයකින් ඉහළ යන බවයි. සෞඛ්‍යය වෙනුවෙන් මේ වර්ධනය වූ වියදම මැතිවරණ සමයෙන් පසුව අඩුවී යනු දකින්නට ලැබුණා” යනුවෙන් අධ්‍යයනය සිදු කළ එක් පර්යේෂකයෙක් සඳහන් කොට තිබිණි.
ජනතාව තුළ සෞඛ්‍ය ගැටලු ඇති කරන ප්‍රධාන මාර්ග දෙකක් මේ පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ තිබිණි. ඉන් එකක් වන්නේ මානසික ආතතියයි. එය මානසික රෝග තෙක් වර්ධනය විය හැකිය. අනෙක වන්නේ මැතිවරණ ව්‍යාපාරික කටයුතුවලට සක්‍රියව දායක වීම නිසා ඇතිවන ශාරීරික ආබාධයන් ය.
මේ අධ්‍යයනයෙන් මගින් යෝජනා කොට තිබුණේ මැතිවරණ සමයේ අතිරේක වශයෙන් වැඩිවන සෞඛ්‍ය වියදම ආවරණය කර ගැනීම පිණිස දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් විශේෂ බද්දක් ගෙවිය යුතු බවය.
මෙවැනි අධ්‍යයනයක් අප රටේ සිදුව නැතත් මේ තත්ත්වය අප අතරින් ද පැහැදිලිව දැකිය හැකිය. පහර දීම්, කපා කොටා ගැනීම්, මිනිස් ඝාතන පවා අප රටේ මැතිවරණ කටයුතු අතරතුර නිතර වාර්තා වේ. කෙසේ නමුත් දේශපාලනඥයන්ගේ හෝ බලධාරීන්ගේ හෝ අවධානය මේවාට යොමු නොවීම කණගාටුවට කරුණකි.
නිරංජන් චාමින්ද කරුණාතිලක