වර්තමානයේ රට වැටී ඇති ආර්ථික බිඳ වැටීම හමුවේ ඡන්දයක් පවත්වනවාට වඩා රටේ අනාගතය පිළීබඳව සිතා කටයුතු කිරීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රි වජිර අබේවර්ධන මහතා පවසයි. කඩා වැටුණු රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ක්රියාකරන අවස්ථාවක ඊට සහාය දැක්වීම සියලුදෙනාගේ වගකීම බවත් අබේවර්ධන මහතා කියයි.2028 වසර දක්වා ජාතික ප්රතිපත්ති රාමුවක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බව්ටත් ජනාධීපතිවරයාගේ වැඩපිළීවෙලට චීනය ඉන්දියාව ඇතුඵ රටවල් රැසක සහයෝගය මේ වන විටත් හිමිව ඇතැයි ද ඔහු සඳහන් කරයි.