ජංගම දුරකථන මිල 20%කින් මිල අඩුවෙයි

ජංගම දුරකථන මිල 20%කින් මිල අඩුවෙයි ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ජංගම දුරකථනවල මිල සියයට විස්සකින් පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා මේ බව කීය. අයිෆොන් ප්‍රො මැක්ස් වැනි ඉහළ මිලක් සහිත දුරකථන වල සිට සේම වෙළඳ පලේ ඇති සෑම ජංගම දුරකථනයක් කෙරෙහිම මෙම මිල අඩුවීම බලපාන බව ඔහු කීය.”අයිෆොන් ප්‍රො මැක්ස් ඉස්සර ලක්ෂ හතරහමාරෙ සිට පහ පසුකර අලෙවි කළා දැන් මිල ලක්ෂ තුනයි හැත්තෑ පහට අඩු කළා. ඊට අඩු මිලකට තිබුණ දුරකථනවලත් සාපේක්ෂව එම ප්‍රතිශත වලින්ම මිල අඩුවෙලා තියෙනවා”.සමිත් සෙනරත් මහතා කීය.

කාලීන පුවත්