මෙරට ජනගහනයෙන් පහෙන් එකකට වැඩි ප්‍රමාණයකට එනම් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට ඉදිරියේ එළඹෙන ආහාර අර්බුදයේ ඍජු බලපෑම එල්ල විය හැකි බැවින් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු හනික සම්පාදනය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ඔහු මෙම අදහස් පළ කළේ ඒ ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ වූ කමිටුව අද(17)රැස්වූ අවස්ථාවේදීයි.එළඹෙන ආහාර අර්බුදය හමුවේ කිසිවකුත් කුසගින්නේ නොතැබීම අනිවාර්යෙන් කළ යුත්තක් වන අතර විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය වරයා නිලධාරින්ට උපදෙස් දී තිබේ. කෘෂිකර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට අවශ්‍ය අවශ්‍ය ඉන්ධන ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට ප්‍රමුඛත්වය ලබාදීමටත් විශේෂයෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයින් සිටින නිවාස කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමටත් මෙහිදී අවධානය යොමුව තිබේ. මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා විසඳුම් සෙවීමට කමිටුවක් පත් කිරීමටත් ඔවුන්ගේ සැලසුම් සති 02 ක් තුළ ලබාගැනීමටත් මෙහි දී තීරණය වී තිබේ.